Posts

Showing posts from November 3, 2010

Deegavapiya Temple-මහපුදබිම-දීඝවාපිය

මහපුදබිම-දීඝවාපිය සිංහල බෞද්ධයාගේ වන්දනමානනයට පාත‍්‍රවන විශේෂී පුදබිම් දහසයක් සිරිලක තුළ පිහිටා ඇත. ඒවා සොළොස්මස්ථාන යනුවෙන් හැඳින්වේ. අම්පාර දිස්ති‍්‍රක්කයේ පිහිටි දීඝවාපී පූජා භූමියද මෙම සොළොස්මස්ථානවලින් එකකි. බුදුන්වහන්සේ තෙවන වර සිරිලකට වැඩම කළ අවස්ථාවෙහි දීඝවාපියටද වැඩම කොට එහි ටික වේලාවක් සමවත් සුවයෙන් විසූ බව මහාවංශය සඳහන් කරයි. දීඝවාපිය ශ්‍රී ලංකාවට පැමිණි ආර්යයන් විසින් පිහිටුවන ලද මුල්ම ජනාවාස වලින් එකකි. භද්දකච්ඡුානා කුමරියගේ එක් සහෝදරයකු වූ දීඝායූ කුමාරයා විසින් පිහිටුවන ලද ජනපදය දිගාවැව හෙවත් දීඝවාපිය ලෙස සඳහන්වේ. දීඝවාපිය මුල් යුගවලදී රෝහණ දේශයට අයත් විය. දීඝවාපිය පිළිබඳ මීළඟට වැදගත් තොරතුරු සඳහන් වන්නේ රුහුණේ රජකළ කාවන්තිස්ස රජ සමයේ දීය. සේරුනුවර රජකළ ප‍්‍රාදේශීය පාලකයකු අවනත කර ගෙන එම ප‍්‍රදේශයේ සිය බලය පිහිට වූ කාවන්තිස්ස රජතුමා දීඝවාපී ප‍්‍රදේශයේ පාලනය සිය බාල පුතණුවන් වූ සද්ධාතිස්ස කුමාරයාට පැවරූ බව සඳහන් වේ. කාවන්තිස්ස රජතුමා මියයන අවස්ථාවේද සද්ධාතිස්ස කුමරු එහි විසූ බව පෙනේ. සිය පියාණන් මිය ගිය බව සැලවූ පසු සද්ධාතිස්ස කුමාරයා මාගමට පැමිණ සිය මව වූ විහාර දේවිය හා

Environment-පරිසර

අපේ ජාතික ධජය

Image
අපේ ජාතික ධජය   Sri lanka National Flag   ජාතික කොඩියේ දැක්වෙන අංග  බෝපත්  පරම සත්‍ය අවබෝධය (මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා යන සතර බඹ විහරණය බෝපත් හතරෙන් නිරූපණය කෙරේ)             මෙත්තා - රට වැසියා පොදු මගකට පෙළඹවීම             මුදිතා-සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීම             කරුණා - දුකට පත්වූවන් ඉන් මුදවා ලීම              උපේක්ඛා - සතර සංග‍්‍රහ වස්තු නිරූපණය කෙරේ සිංහයා සෙසු සතුනට වඩා විනය ඇති සංවර සත්ත්වයකු වන සිංහයා ආත්ම ශක්තිය කෙරෙහි විශ්වාසය තබයි. එමෙන්ම තමාට නොගැළපෙන දේ නොකරයි. එවන් උදාරවත් ගති සිංහල ජාතියට ඇති බව සිංහයාගේ නිරූපණය වේ. සිංහ රූපයේ කහ පාට එඩිතර බව, දහමට අනුව හැසිරීමට, අභිවෘද්ධිය ආදිය සිංහ රූපයේ කහ වර්ණයෙන් අදහස් කෙරේ. කේශර මාලා තුන බුද්ධ, ධම්ම, සංඝ යන ති‍්‍රවිධ රත්නයත්, තෙරුවන් කෙරෙහි විශ්වාසය තැබීමත් නිරූපණය කෙරේ. ගී‍්‍රවය පාලනයෙහි ඍජු හා ශක්තිමත් බව සංකේතවත් වන්නේ ගී‍්‍රවයෙනි. ගී‍්‍රවයේ කේසර මාලා හතර ඡුන්ද, ද්වේෂ, බය, මෝහ යන සතර අගතියෙන් තොර පාලනයක් පවතින බව සංකේතවත

සියටැල් නම් නායකයා

මෙදියත කවරාකාරයකින් බිහි වුවද එහි අයිතිය මෙලොව වසන සියල්ලන්ම සතුය. නීල වර්ණ ගහකොළට ගලා බසින ගංගාවට ඇළට දොළට, හමන සුළඟට, ඉරට, හඳට අයිතිය කීමට කිසිවෙකුටත් නොහැකිය. ධන තණ්හාවෙන්ද බල තණ්හාවෙන්ද පීඩිත වූ මිනිසා මේ සියල්ලටම උරුමකම් කීමට පොරබදිති. කලකෝලාහල කර ගනිති. අවසානයේ මේ සියල්ල අතැර මිහිතලය මත සැතපෙති. මේ පොළෝ තලය පිළිබඳ ලෝ ප‍්‍රකට අදහසක් ප‍්‍රකාශ කළ තැනැත්තෙකි සියටැල්. මීට වසර බොහෝ ගණනකට පෙර ඔහු කළ ප‍්‍රකාශය පුදුම එළවන සුළුය. කවුද මේ සියටැල්? සියටැල් යනු රතු ඉන්දියානුවෙකි. ඔහු රතු ඉන්දියානු නායකයායි. ඔහු උපත ලැබුවේ 1788 වසරේ දී පුගටි සවුන්ඞ් නම් ප‍්‍රදේශය අසල පිහිටි ¥පතක් වන බේන් බි‍්‍රජ් දිවයිනේ දීය. ඔහුගේ පියා ස්ක්වේම් ස්කුමාටිල් නම් ගෝත‍්‍ර නායකයායි. මව ස්කොලටියා දුවාමිෂ් නම් කාන්තාවයි. ඇය ද ගෝති‍්‍රක නායකයෙකුගේ දියණියකි. සියැටල්ගේ නියම නම වූයේ ”සීත්ල්”ය. එය ඉංගී‍්‍රසි ඌරුවට හැසිරවීමේදී සියටැල් නම් විය. එනිසා ඔහු ප‍්‍රසිද්ධ වූයේ එනමිනි. සියැටල් තරුණ කාලයේ පටන් සැලකූයේ යුද විරුවෙකු ලෙසිනි. එනිසා ලාබාල වියේදීම ගෝත‍්‍ර හයක නායකත්වය ද උරුම කර ගත්තේය. කවුද මේ රතු ඉන්දියානුවෝ

පරණවිතානයන් දුටු සීගිරිය

එච්. සී. පී. බෙල් මහතාට පසුව සීගිරිය සම්බන්ධයෙන් විශිෂ්ට සේවාවක් කළ කෙනෙක් නම් ඒ මහාචාර්ය සෙනරත් පරණවිතානයෝ ය. ප‍්‍රථම දේශීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මෙතුමා සීගිරිය වෙනුවෙන් ඉටු කළ මෙහෙය සුළුපටු නොවේ. අපේ උරුමයක් වූ සීගිරිය පසුකාලීනව ලෝක උරුමයක් බවට පත්වීමට මෙතුමන්ගේ මහ මෙහෙය ද හේතු වූ බව සඳහන් කළ යුතුය. සෙනරත් පරණවිතානයන් පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත්වූයේ 1940 දීයි. ඒ වන විටත් දෙවන ලෝක යුද්ධය ඇරඹී තිබිණ. එහෙයින් සිතූ තරම් කාලයක්, මුදලක් හා ශ‍්‍රමයක් පුරාවිද්‍යා කටයුතුවලට යෙදවීමට එතුමන්ට නොහැකි විය. එවකට පැවැති ආණ්ඩුවද පුරාවිද්‍යා කටයුතු සඳහා වෙන් කර තිබූ මුදල් වෙනත් කටයුතුවලට යෙදවීය. මේ සමයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය පිහිටුවා තිබුණේ අනුරාධපුරයේයි. ඉන් පසුව එය කෙළඹ පිහිටැවුණු අතර කොළඹ නගරය තුළ ද විවිධ ස්ථානවලට වරින් වර මාරු කරන ලදී. එහෙයින් සිය රාජකාරි ආරම්භයේදී ඔහුට විවිධ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවිය. සීගිරි කුරුටු ගී සීගිරි කැටපත් පවුර පරණවිතානයන්ගේ විශේෂ අවධානයට යොමු විය. ඔහු කුරුටු ගී කියැවීමේ කටයුතුවල නියැලූණි. පරණවිතානයන්ට පෙරාතුව බෙල් කුරුටු ගී