Posts

Showing posts from July 25, 2013
හේනේ පිළිවෙත් කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන යනුවෙන් අපේ රටේ ගොවිතැන් වර්ග දෙකකි. හේන් ගොවිතැන යනුවෙන් හඳුන්වන්නේ එළවළු, පලතුරු, ධාන්ය හා අල වර්ග ආදී බෝග වගා කිරීමය. අපේ පැරණියන් හේන් ගොවිතැන් කළේ පිළිවෙත්වලට මුල්තැන දෙමින්ය. එම පිළිවෙත් ඔවුන් ගොඩනගාගෙන තිබුණේ අත්දැකීමෙන් ලත් අවබෝධයෙනි. පුරාණයේ හේන් ගොවිතැනේදී අනුගමනය කෙරුණු පිළිවෙත් කිහිපයක් මෙහිදී විමසා බලමු. හේන් වර්ග අපේ සාම්ප්රොදායික හේන් වර්ග දෙකකි. එනම් මුල් කැටාව හේන හා ඉරවැලි හේනය. මුල් කැටාව හේන යනුවෙන් හඳුන්වන්නේ විශාල ගසක් හෝ කණුවක් කේන්ද්රක කර ගනිමින් වෘත්තාකාරව ඉදිකර ගන්නා හේන් විශේෂයකි. ගමේ හේන් ගොවිතැන් කරන පවුල් සංඛ්යාකව අනුව එක පවුලකට එක් බිම් කොටසක් වශයෙන් මුල් කැටාව හේනේ බිම් කොටස් බෙදා වෙන් කෙරේ. ඉරවැලි හේන සාමාන්යඑයෙන් සෘජුකෝණාස්රාකකාරය. එහි එක් හේන් බිමික් “ඉරවැල්ලක්* යනුවෙන් හඳුන්වයි. මුල් කැටාව හේනේ මෙන්ම ඉරවැලි හේනේද මායිම වශයෙන් ලී දඬුවලින් ඉතා ශක්තිමත් වැටක් ඉදි කෙරේ. එහෙත් හේනේ ඇතුළත බිම් කොටස් වෙන් කර තිබෙන්නේ ගල් තබා හෝ කෝටු කැබලි සිටුවා ගැනීමෙනි. හේන් බිමේ ස්වභාවය අනුවද නවදැලි හේන, අත් දඬුවා හේන,