Posts

Showing posts from November 4, 2010

Stamp- මුද්දර එකතුකිරිම

Image
මු ද් ද ර එ ක තු කි රී ම --------------------------------------- ”මොකක්ද නංගී ඔයා හදන්නේ” ”මම මේ මුද්දර ප‍්‍රදර්ශන පති‍්‍රකා වගයක් හදනවා අක්කේ.” ”ඒ මොකටද නංගී” ”ඇයි අක්කා දන්නෙ නැද්ද ලෝක තැපැල් දිනය නිමිත්තෙන් මුද්දර ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වෙනවානේ.” ”නංගී කොහොමද ඒ ගැන දැන ගත්තේ” ”මං ඒ ගැන දැනගත්තේ පුවත්පත් ලිපියකිනි. මේ තියෙන්නේ අක්කේ ඒ ලිපිය.” ප‍්‍රථම මුද්දරය----------------------------------------------------------- ලොව ප‍්‍රථම මුද්දරය සේ සැලකෙන්නේ එංගලන්තයේ දී නිකුත් කෙරුණු ”පෙනී බ්ලැක්” නම් මුද්දරයයි. වික්ටෝරියා රැුජිනගේ ශීර්ෂය මුද්‍රණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකි. පෙනී බ්ලැක් මුද්දරයේ එය නිකුත් කළ රටේ නම (එංගලන්තය) සඳහන්ව නොතිබිණි. වර්තමානයේදීද එංගලන්තයෙන් නිකුත් කරන මුද්දරවල එරටේ නම සඳහන් නොවේ. ඒ අනුව නිකුත් කරන රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තය ය.   1840 මැයි 06 වැනි දින මහා බිර මැතාන්යි විසින් නිකුත් කළ ලොව පරර ථම තැපැල් මුද්දරය     ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය. වික්ටෝරියා රැජිනගේ ශීර්

සන්දේශ සාහිත්‍ය සහ ගිරා සන්දේශය

ගිරා සන්දේශය කවියාගේ කවිත්වය හා ප‍්‍රතිභාව පිළිබඳ අදහසක් ඇතිකර ගත හැක්කේ එය අනෙකුත් සන්දේශ කාව්‍යයන් හා සසඳා බලන කල්හිය. දූතයා වර්ණනා කිරීමේදී බොහෝ සන්දේශ කාව්‍යවල සමාන ලක්ෂණ දක්නට ලැබේ. මෙහිදී දූතයාගේ බාහිර රූප ශෝභාව මෙන්ම ඔහුගේ ප‍්‍රඥාවන්ත බවද විස්තර කෙරේ. ඉඳුදුනු පැහැදිනූ තුනු සිරිනූ’ල මමිතුර ළඳ සොඳ අදරවැනි තගෙ තෙල තුඩ දුටුව ලොබ බැඳ අදර නොකෙරෙති කව්රු සතුටුව (ගිරා සන්දේශය) පුල්මල් කෙසරු මෙන් රන්වනි තෙල සරණ යුග සපුමල් කැලෙව් තුඬ මද රතිනි මනහර නිලූපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර මලින් කළ රූ එව් එබැවින් නුබින් එන වර (සැලලිහිණි සන්දේශය) සතත ගත පැහැයෙන -තරුමැණ මනැති මමිතුර සරා වෙලෙක සිරි පානෙව් පවනිනෙන සරා අහස සහතොසිනෙන තද කිමින තම සිය සෙමර යැයි ළඟ නොම වූද සරසවි දෙව්ලොවිනෙන අම පිඬකැයි සත පිනින දෙව් තොප දැක වට නොකොලෝද සඳෙකිනි (තිසර සන්දේශය) සැර දෙ හසරද සඳ පුන්සඳ පහන් පිිරිසිදු පියකරු පියන් පිරි පියවුරු ලෙසින් හොබනා (හංස සන්දේශය) ඉහත දැක්වුණේ සන්දේශ කවීන් කීප දෙනෙකු තම දූතයා වර්ණනා කළ අයුරුයි. ගිරා කවියා සිය ¥තයාගේ ශරීර පැහැය දේදුන්නකට උපමා කරයි. එසේම ගිරවාගේ තුඬ ළඳක

Namal Uyana නාමල් උයන සහ රෝස තිරුවානා කඳුවැටිය

නාමල් උයනේ පිහිටි සොබා දහමේ අපූර්වතම නිර්මාණය සුදෝ සුදු හිම කඳු පෙළක් සේ අහස්කුස සිපගන්නා රෝස තිරුවානා කඳු පන්තියයි. මුහුදු මට්ටමේ සිට මීටර් 180x300 අතර නැගී සිටින ගිරි ශිඛර 07ක් මෙහි දැකිය හැකිය. උතුරු දකුණු දිශාගතව විහිදෙන කඳු වැටි සහ තනි කඳු ලෙස දිස්වන කඳු හෙල් බෑවුම්වලින් අලංකාර වන මෙම කඳු පන්තිය නාමල් උයනේ රැුකවරණය සඳහා නිමවුණු යෝධ පවුරු වළල්ලක් සේ ඈතට දිස්වේ. විටෙක බැලූ බැල්මට ලූණු කඳු පෙළක් සේ දිස්වෙන මෙම කඳු වැටිය ලූණු ගල් දෙබල යන නමින් අවට ගම් වැසියෝ හැඳින්වූහ. මෙයින් නිකුත් වන තාපය මගින්ද කඳුවැටියේ සාරය උරාගෙන ඇද හැලෙන උල්පත් ජලය මගින් ද සිය ලෙඩ රෝග සුව වන බව විශ්වාස කළ ඔවුහු නොයෙක් ලෙඩ රෝගවලින් විශේෂයෙන්ම සමේ රෝගවලින් පෙළෙන අවස්ථාවලදී පිළිසරණ පතා මෙහි ළඟා වූහ. කඳු මතට නැගී මොහොතක් එහි ගත කළහ. උල්පත් දියෙන් පවස නිවා ගත්හ. ස්නානයෙන් සිරුරේ දාහය නිවා සැනසූනහ. තද අව්රැුස් පතිත වන මධ්‍යහ්න කාලයේ දී වුවද මෙම කඳු මුදුනෙහිදී සිසිලසක් මිස කිසිවෙකුට දාහයක් නොදැනෙයි. වැව් බැඳි රාජ්‍යයේ සිය ගණනක් වැව් අමුණු කෙත් යායවල් සහ රුක් ගොමුද පිසගෙන නාමල් උයනේ සිසිලස සහ නාමල්වල සුගන්ධයද රැ