Stamp- මුද්දර එකතුකිරිම

මුද් තුකිරී---------------------------------------




”මොකක්ද නංගී ඔයා හදන්නේ”
”මම මේ මුද්දර ප‍්‍රදර්ශන පති‍්‍රකා වගයක් හදනවා අක්කේ.”
”ඒ මොකටද නංගී”
”ඇයි අක්කා දන්නෙ නැද්ද ලෝක තැපැල් දිනය නිමිත්තෙන් මුද්දර ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වෙනවානේ.”
”නංගී කොහොමද ඒ ගැන දැන ගත්තේ”
”මං ඒ ගැන දැනගත්තේ පුවත්පත් ලිපියකිනි. මේ තියෙන්නේ අක්කේ ඒ ලිපිය.”

ප‍්‍රථම මුද්දරය-----------------------------------------------------------

ලොව ප‍්‍රථම මුද්දරය සේ සැලකෙන්නේ එංගලන්තයේ දී නිකුත් කෙරුණු ”පෙනී බ්ලැක්” නම් මුද්දරයයි. වික්ටෝරියා රැුජිනගේ ශීර්ෂය මුද්‍රණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකි. පෙනී බ්ලැක් මුද්දරයේ එය නිකුත් කළ රටේ නම (එංගලන්තය) සඳහන්ව නොතිබිණි. වර්තමානයේදීද එංගලන්තයෙන් නිකුත් කරන මුද්දරවල එරටේ නම සඳහන් නොවේ. ඒ අනුව නිකුත් කරන රටේ නම සඳහන් නොකර මුද්දර නිකුත් කරන එකම රට එංගලන්තය ය.



1840 මැයි 06 වැනි දින
මහා බිර මැතාන්යි විසින් නිකුත් කළ
ලොව පරර ථම තැපැල් මුද්දරය

 
 
ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය. වික්ටෝරියා රැජිනගේ ශීර්ෂය මුද්‍රිත එහි වටිනාකම පැන්ස හයක් ලෙස සටහන් කර ඇත. ශ්‍රී ලංකාවේ මුද්‍රණය කෙරුණු මුල් කාලීන මුද්දරවල දැක්වුණේ රාජ්‍ය නායකයින්ගේ රූප පමණි. එහෙත් පසුව ඉතිහාසය, ස්වභාවසෞන්දර්ය, තාරකා විද්‍යාව ආදී විවිධ තේමාවන්ගෙන් යුත් මුද්දර නිකුත් කෙරුණි.




ලොව වටිනාම මුද්දරය---------------------------------------------------

නිකුත් කළ රට-                              ස්ව්ඩනය
නිකුත් කළ වර්ෂය-                                1855
වර්තමානයේ පවතින්මුද්දර ගණන-      01
තක්සේරු වටිනාකම-     ඇ.ඩො.2,060,000
 එංගලන්තයේ ස්ටැන්ලි ගිබන්ස් සමාගම විසින් වාර්ෂිකව මුද්දර නාමාවලියක් නිකුත් කරනු ලබයි. එම නාමාවලියේ සඳහන්වන්නේ ලොව විවධ රටවලින් නිකුත් කළ මුද්දරවල වර්තමාන වටිනාකමය. එහි ලොව වටිනාම මුද්දරය ලෙස දක්වා ඇත්තේ 1855 දී ස්වීඩනයේ දී නිකුත් කෙරුණු මුද්දරයකි. එහි වටිනාකම ඇ.ඩො. 2,060,000කි.








මුද්දර එකතු කිරීමේ ප‍්‍රයෝජන------------------------------------------


මුද්දර එකතු කිරීම දැනුම වඩන විනෝදාංශයකි. ඇතැම් විට මුද්දර එකතු කරන්නෝ අන්තර්ජලාය ඔස්සේ තමන්ට අවශ්‍ය මුද්දර ඉල්ලූම් කරති. එහෙයින් තමන් සතු දුර්ලභ මුද්දර අලෙවි කර ආර්ථික ප‍්‍රතිලාබ ද සලසා ගත හැකිය.

මුද්දර වර්ග-------------------------------------------------------------

තැපැල් මුද්දර වර්ග සතරකි. එනම් නිත්‍ය කාණ්ඩයේ මුද්දර, සමරු කාණ්ඩයේ මුද්දර, තේමාත්මක කාණ්ඩයේ මුද්දර හා අති මුද්‍රිත මුද්දරය. එදිනෙදා භාවිතය සඳහා නැවත නැවතත් මුද්‍රණය කරන මුද්දර නිත්‍ය කාණ්ඩයේ මුද්දර යනුවෙන් හඳුන්වයි. යම් පුද්ගලයෙකු හෝ අවස්ථාවක් හෝ ආයතනයක් හෝ ඇගයීම සඳහා නිකුත් කරන මුද්දර හඳුන්වන්නේ සමරු කාණ්ඩයේ මුද්දර යනුවෙනි. තේමාත්මක කාණ්ඩයේ මුද්දර ලෙස ගැනෙන්නේ විශේෂ තේමාවක් සහිතව (උදා:- බාල දක්ෂ ව්‍යාපාරය, ප‍්‍රදීපාගාර, අභ්‍යාවකාශ තරණය ආදී) නිකුත් කෙරෙන මුද්දරයි. පෙර නිකුත් කරන ලද මුද්දරවල වටිනාකම හෝ රටේ නම හෝ මුදල් ඒකකය වෙනස් කර එම මුද්දර මත නැවත මුද්‍රණයක් කළ විට එම මුද්දර හඳුන්වන්නේ අති මුද්‍රිත මුද්දර යනුවෙනි. සමරු කාණ්ඩයේ මුද්දර හා තේමාත්මක කාණ්ඩයේ මුද්දර මුද්‍රණය කරන්නේ එක් වරක් පමණි. එබැවින් එම මුද්දර පසු කලකදී දුර්ලභ මුද්දර බවට පත්වේ.
තෙල්ලපත්ත ජාතකය වැලිහිද ගී‍්‍ර සුදර්ශනාරාමය











මුද්දර ලබාගත හැකි ක‍්‍රම------------------------------------------------


  • ලිපි බාහ එවූ ලියුම් කවරවලින් ගලවා ගැනීම
  •  මුද්දර කාර්යාංශයෙන් හෝ තැපැල් කාර්යාලවලින් ලබාගැනීම
  • මුද්දර එකතු කරන වෙනත් අය සමග මුද්දර හුවමාරු කරගැනීම
  •  විදේශයන්හි සිටින හිතමිතුරන්ගෙන් හා නෑදෑයින්ගෙන් එම රටවල මුද්දර ලබාගැනීම

මුද්දර සමාජයක් පිහිටුවා ගනිමු-------------------------------------------

  • පළමුව ඔබේ පාසලේ හෝ දහම් පාසලේ හෝ ළමා සමාජයේ හෝ් අධ්‍යාපන ආයතනයේ හෝ මුද්දර එකතු කරන අය ඒකරාශි කරගෙන මුද්දර සමාජයක් පිහිටුවීම පිළිබඳ අදහස ඔවුන්ට පවසන්න.


  • ආයතනයේ ප‍්‍රධානියා (පාසලේ නම් විදුහලපතිතුමා, දහම් පාසලේ නම් ප‍්‍රධාන ආචාර්යවරයා ආදී වශයෙන්) මුද්දර සමාජයක් පිහිටුවීමට අවසර ලබාගන්න.
  •  මුද්දර කාර්යාංශයෙන් මුද්දර සමාජ ලියාපදිංචි කිරීමේ අයඳුම්පතක් ලබාගෙන එය සම්පූර්ණ කර
අධ්‍යක්‍ෂ, මුද්දර කාර්යාංශය, තැපැල් මූලස්ථානය. කොළඹ
යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න.










මුද්දරයක කොටස්----------------------------------------------------------

  • විදමන් සිදුර
  • විදමන් දැත්ත
  • දාරය
  •  රටේ නම
  •  සැලසුම
  • වටිනාකම

මුද්දර සමග එකතු කළ හැකි අනෙකුත් දෑ..

  • සිහිවටන පති‍්‍රකා
  • මුල්දින කවර
  • විශේෂ සමරු කවර
  • මුද්දර මුද්‍රිත ලිපි කවර
  • තැපැල් පත්
  • ගුවන් ලිපි
  • විසිතුරු තැපැල් පත්
  • දින මුද්‍රා
තේමාවන් අනුව මුද්දර එකතුකිරීම------------------------------------

මුද්දර එකතු කිරීමේ විනෝදාංශයේ නිරත වන්නෝ තම රටේ මුද්දර එකතුවක් සකසා ගැනීමට කැමති වෙති. වෙනත් රටවල මුද්දර එකතු කිරීමට කැමැත්තක් දක්වන්නෝද සිටිති. ලොවා සියලූම රටවලින් නිකුත් කෙරෙන මුද්දර එකතු කිරීම අපහසු දෙයකි. එහෙයින් අද බොහෝ දෙනෙක් තේමාවලට අනුව මුද්දර එකතු කිරීමට යොමු වී සිටිති. අතීතයේ දී ලොව විවිධ රටවලින් නිකුත් කෙරුණු මුද්දරවල බහුලව දක්නට ලැබුණේ රාජ්‍ය පාලකයින්ගේ රූප, රාජ්‍ය ලාංඡුන ආදියයි. එහෙත් වර්තමානයේ දී විවිධ තේමාවන් ගෙන් යුත් මුද්දර නිකුත් කෙරේ. තේමාවක් අනුව මුද්දර ප‍්‍රදර්ශන තරගයකට මුද්දර එකතුවක් ඉදිරිපත් කිරීමේදී ඔබ තෝරාගත යුත්තේ ඔබ වැඩියෙන්ම ඇල්මක් දක්වන තේමාවකි. ඔබ තෝරාගත් තේමාව වඩාත් පුළුල් තේමාවක් වුවහොත් ඔබට වැඩි මහන්සියක් යොදවා හා වැඩි වියදමක් දරා මුද්දර සොයාගැනීමට සිදුවිය හැකිය. එහෙත් තේමාව කෙටි නම් සෙවිය යුතු මුද්දර ප‍්‍රමාණය ද අඩුය. උදාහරණයක් ලෙස කුරුල්ලෝ යන තේමාව යටතේ මුද්දර එකතුවක් මුද්දර ප‍්‍රදර්ශන තරගයකට ඉදිරිපත් කරන්නේ නම් කුරුල්ලන් සිටින සෑම මුද්දරයක්ම ඔබ සොයාගත යුතුය. එහෙත් පළතුරු බුදින කුරුල්ලන් හෝ ජලාශි‍්‍රත කුරුල්ලන් ආදී තේමාවක් තෝරාගත් විට ඔබගේ තේමාවේ පරාසය අඩුවේ. එවිට ඔබට කුරුල්ලන් සිටින සෑම මුද්දරයක්ම සොයාගැනීම අවශ්‍ය නොවේ. අදාළ තේමාවට සීමාවන මුද්දර පමණක් යොදා ගත හැකිය. මුද්දර ප‍්‍රදර්ශන තරගයකට මුද්දර ඉදිරිපත් කළ යුත්තේ යම්කිසි ප‍්‍රමාණයකට අනුවය. එහෙත් එහි දී ඔබ තෝරාගත් තේමාව සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි කරුණු ඉදිරිපත් කළ යුතුය. එහෙයින් මුද්දර ප‍්‍රදර්ශන තරගයක් සඳහා ඉදිරිපත්වීමේදී ඉහත සඳහන් කළ කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය.


මුද්දර ප‍්‍රදර්ශන තරගයක් සඳහා මුද්දරවලට අමතරව අදාළ තේමාවට සරිලන මුල්දින කවර, සිහිවටන පති‍්‍රකා, තැපැල්පත්, ලිපි කවර, යාන්ති‍්‍රක මුද්‍රා සලකුණු, දින මුද්‍රා සලකුණු ආදිය ද ඉදිරිපත් කළ හැකිය. මුද්දර හා මුල්දින කවර ආදියට අමතරව තේමාවට අදාළ තොරතුරු ද ගොනුකළ යුතුය. පොත්, පුවත්පත් ආදිය කියවීමෙන් හා අන්තර්ජාලය පිරික්සීමෙන් එම තොරතුරු සොයාගත හැකිය. එහෙත් තේමාවට අදාළ කරුණු නිබන්ධනයක් හෝ රචනාවක් වශයෙන් ප‍්‍රදර්ශන පති‍්‍රකාවේ සටහන් නොකළ යුතුය. කරුණු විස්තර කිරීම සඳහා හැකිතාක් භාවිතා කළ යුත්තේ මුද්දර හා මුල්දින කවර, සිහිවටන පති‍්‍රකා, තැපැල්පත් ආදියයි.

ගයාති‍්‍ර දිනුෂා සමරවීර----------------
තොරතුරු-චන්න මුණසිංහ, ගී‍්‍ර ලංකා මුද්දර කාර්යාංෂය






Comments

Popular posts from this blog

Rain water- වැසි ජලයෙන් වාසි ගනිමු

vacation- නිවාඩු කාලය සැලසුම් කිරීම..........