Rain water- වැසි ජලයෙන් වාසි ගනිමු

වැසි ජලයෙන් වාසි ගනිමු
ඇතැම්විට වැසි සමයේදී ජල ගැලීම් ඇතිවන තෙක්ම වැසි වසී. පායන සමයට නියං තත්ත්වයක් ඇතිවන තෙක්ම පායයි. ජල ගැලීම් හා නියඟය ජයගත හැකි කදිම උපායකි වැසි ජලය රැුස් කිරීම. ”අහසින් වැටෙන එක දිය බිඳුවක් හෝ පරකි යෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොතැබිය යුතුය” යනුවෙන් මහා පරාකරහෝ මබාහු රජතුමා පරන මකාශ කර තිබේ. හෙළ රජවරු පවා වැසි දියෙන් උපරිම පරඅහසයෝජන ගැනීමට ඉමහත් උනන්දුවක් දැක්වූ බව ඉන් අවබෝධ වේ.


අතීතයේ වැසි ජලය රැස් කළ ආකාරය

අතීතයේ අපේ රටේ වැසි ජලය රැුස් කිරීම සඳහා කරැනීමවත් කරක්වමවේදයක් තිබුණි. එකල අපරට තුළ පැවති වැව් බැඳි ශිෂ්්ටාචාර කරීම මය ඒ සඳහා සාක්ෂි දරයි. අතීතයේ වැව් අමුණුවල රැස් කරගත් ජලය එකල ජනතාවගේ ජල අවශ්ය තාවය සපුරාලීම සඳහා මෙන්ම භූගත ජල සංචිතය පෝෂණය කිරීම සඳහාද පොහොසත් විය. එහෙත් වර්තමානය වනවිට වැඩිවන ජනගහනයේ ජල අවශ්යරතා සපුරා ගැනීමට අසීමිතව භූගත ජලය ලබාගැනීම නිසා භූගත ජල සංචිතය බෙහෙවින් අඩු වී ඇත. සුළු පෑවිල්ලකදී වුවද (විශේෂයෙන් වියළි කලාපයේ* ජල උල්පත් සිඳීයාම ඒ බව තහවුරු කරයි. පොකුණු අතීතයේ වැසි ජලය රැස්කර ගැනීම සඳහා යොදාගත් පරඳී ධාන අංගයකි.


අපේ ඇතැම් ඉපැරණි පොකුණු පිහිටි ගලේම (එනම් ගල් තලාවක් සාරා* පිටතින් ඒ තුළට ජලය ගලා නොඑන පරිදි සකසා ඇත. පිටතින් ජලය ගලා ඒමට සලස්වා නොමැති හෙයින් එම පොකුණු වැසි දියෙන් පෝෂණය වූ බව නොඅනුමානය. සීගිරි පර්වතයේද වැසි දියෙන් පෝෂණය වූ පොකුණු රාශියකි. ඒ අනුව අපේ පැරැුණ්ණන් වැසි දියෙන් උපරිම පරෂණ යෝජන ලබාගත් බව පෙනේ. වර්තමානය වනවිට බලපා ඇති ජල හිඟය පිළිබඳව අවධානය යොමුකිරීමේදී වැසි ජලය රැුස් කිරීම කාලින අවශ්යපතාවයක් බව පෙනේ.


වැසි ජලය එක් රැස් කළ යුත්තේ ඇයි?


* එළඹෙන දශකයේදී ලෝකය පුරා බිලියන 7x8 ජනතාවට පිිරිසුදු ජලය අවශ්ය ය.


* ආසියාව, අපිරුරාකාව, ලතින් ඇමරිකාව හා කැරබියානු පරය ගදේශවල පිහිටි දියුණු වෙමින් පවතින රටවල බිලියන 1.1 ක ජනතාවට පානීය ජලය පරකාවමාණවත් අයුරින් නොලැබේ.

* අපිරිසුදු ජලය නිසා සෑදෙන රෝගවලින් ලෝකය පුරා වසරකට මිලියන 15ක පමණ මිනිස් ජීවිත සංඛ්යාඅවක් අහිමිවේ.

ඒ ආදී කරුණු සලකා බැලීමේදී භාවිතයට ගතහැකි ජල පරපුරමාණය හිඟවීම පරබේයබල ගැටලූවක් බවට පත්ව ඇති බවත් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අත්ය වශ්යම බවත් පෙනී යයි. වැසි ජලය ස්වාභාවිකව ලැබෙන්නක් නිසා ඒ සඳහා වියදමක් නැත. එසේම ඉතා සරල තාක්ෂනණයක් උපයෝගී කරගනිමින් වැසි ජලය


රැස්කරගත හැකියි. එහෙයින් ජල හිඟය අවම කරගැනීම සඳහා වැසි ජලය රැස්කිරීම සාර්ථක විසඳුමකි.

නාගරික පර හැදේශවල වැසි ජලය රැස්කිරීමේ අවශ්යවතාව


ශි‍්‍ර ලංකාවේ නාගරික පරව සදේශවල වෙසෙන බොහෝ වැසියෝ ජල අවශ්යසතාව සපුරා ගන්නේ නළ ජලයෙනි. නළ ජලය සැපයීමට රසායනික ද්රමව්යෙ (ක්ලෝරීන්*, බලශක්තිය, ශරදි මය ආදී සාධක අවශ්යේ වන හෙයින් ඒ සඳහා අධික වියදමක් දැරීමට සිදුවේ. එසේම වැඩිවන ජනගහනය හමුවේ නළ ජල ඉල්ලූම සපුරාලීම නුදුරු අනාගතයේදී ගැටලූවක් වනු නොඅනුමානය. භාවිතයට ගත හැකි ජල පරල්ලමාණය සීමිත වීම එම ගැටලූව තවත් උගරසිය කරයි. නළ ජලය බීමට සුදුසු තත්ත්වයට පත්කර ඇත්තේ ක්ලෝරණීකරණය කිරීමෙනි. (ජලයට ක්ලෝරීන් මිශරයෝ කිරීම* එහෙත් බීමට හා ඉවුම් පිහුම් කටයුතු සඳහා නළ ජලය එතරම් පරිහරණය නොවේ. නළ ජලය වැඩි වශයෙන් පරිහරණය වන්නේ සේදීම් කටයුතු (උදා: රෙදි සේදීම, වැසිකිළි සේදීම* සඳහාය. එම කාර්යයන් සඳහා ක්ලෝරණීකරණය කළ ජලය අවශ්ය නැත. වර්ෂා ජලය වුවද ඒ සඳහා භාවිතා කළ හැකිය. වැසි ජලය බීමට හා ඉවුම් පිහුම් කටයුතු සඳහාද යොදා ගත හැකි වුවද නාගරික පර හ දේශවල පවතින අධික වායු දූෂණය හා දූවිලි ආදිය නිසා ජලයේ පිරිසිදුභාවය කෙරෙහි සැලකිලිමත් විය යුතුය.


වැසි ජලය රැස් කළ හැකි ආකාර

වැසි ජලය රැස් කළ හැකි ආකාර දෙකකි.

* වහළ මතට වැටෙන වැසි ජලය රැස්කිරීම.

* පස මතුපිට ගලායන වැසි ජලය රැස් කිරීම.


වහල මතට වැටෙන වැසි ජලය රැස්කරන ආකාරය


වහල මතට වැටෙන වැසි ජලය වැහි පස මතුපිට ගලායන වැසි ජලය රැස්කරන ආකාරය


මෙම කරකා මයෙන් විශාල පරාසයක වැසි ජලය රැුස් කරගත හැකිය. විශේෂයෙන් අඩු වර්ෂාපතනයක් සහිත පරජ‍යදේශවලට මෙය ඉතා සුදුසුය. සාමාන්යියෙන් පස මතුපිට ගලායන වැසි ජලය අපිරිසුදු බවින් යුක්තය. එහෙයින් එම ජලය ගෙදරදොර කටයුතු සඳහා යොදාගැනීමට නුසුදුසුය. එහෙත් පස මතුපිට ගලායන ජලය වළකට ගලායෑමට සැලස්වීමෙන් භූගත ජල මට්ටම වැඩිකර ගත හැකිය.


පිහිලිවලට එක්වේ. වැහි පිහිලිවලට නළ සම්බන්ධ කර එම නළ වැසි ජලය ගබඩා කෙරෙන ටැංකි වෙත යොමුකළ හැකිය.


නාගරික නිවාසවලට සරිලන වැසි ජල පද්ධති



ආදායම් මට්ටම හා පවතින ඉඩකඩ පරධතිමාණය අනුව ශ්රීස ලංකාවේ නාගරික නිවාසවලට සරිලන වැසි ජලය රැුස් කිරීමේ පද්ධති වර්තමානය වනවිට හඳුන්වාදී ඇත. ඒ අතරින් ඇතැම් ඒවා ඉතා අඩු වියදමකින්, පහසුවෙන් සකසාගත හැකිය.


තිර විත්ව බැරල් පද්ධති


මෙම කර ක මයේදී වහළයෙන් වැටෙන වැසි ජලය එක්රැස් කෙරෙන්නේ යකඩ බැරල් තුනකටය. එය අඩු වියදමකින් තනාගත හැකිය. (වියදම රුපියල් 2000ක් පමණ වේ* එහෙයින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා සුදුසුය. බැරල්වලට රැුස්වන වැසි ජලය විවිධ සේදීම් කටයුතු සඳහා භාවිතා කළ හැකිය.


ප්ලාස්ටික් බැරල් පද්ධති


මෙය වැසි ජලය රැුස්කිරීම සඳහා ජපානයේ භාවිතා කෙරෙන කරට රමයකි. වර්තමානය වනවිට ශ්රීි ලංකාව තුළද මෙම කරරැුමය පරේ චලිතව පවතී. මෙහිදී වැසි ජලය රැස් කිරීම සඳහා යොදා ගැනෙන්නේ ප්ලාස්ටික් බැරලයකි. එය ඕනෑම නිවසකට සුදුසුය. ප්ලාස්ටික් බැරලයට රැස්වන වැසි ජලය උද්‍යාන නඩත්තුව සඳහා සහ සේදීම් කටයුතු සඳහා භාවිතා කළය.


තට්ටු නිවාස සංකීර්ණ සඳහා


සෑම නිවසකටම වැසි ජලය


රැුස්කරගත හැකි පරිදි තට්ටු නිවාස සංකීර්ණවලද වැසි ජල පද්ධතියක් සකසාගත හැකිය. එහිදී වහලය මතට වැටෙන වැසි ජලය නළ ඔස්සේ එක් එක් නිවාසවල වැසි ජල ටැංකි වලට යොමුකෙරේ. අවශ්ය නම් එම වැසි ජල ටැංකිවලින් පිටාර ගලන ජලය භූගත වැසි ජල ගබඩා ටැංකි හෝ ළිං වලට යොමු කළ හැකිය.


වැසි ජලය රැස් කිරීමෙන් ලැබෙන වාසි


* වැසි ජලය මෘදු නිසා පිරිසුදු කිරීම් කටයුතුවලදී වැයවන සබන් හා සේදුම් කාරක පරභූ මාණය අඩුකරගත හැකිය.


* පොළොව මතුපිට ගලායන වැසි ජලය විවෘත මුඛයක් ඇති ටැංකියකට යොමුකර කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත හැකිය.


* නිවසේ වහළෙන් එක්රැස් කෙරෙන වැසි ජලය හෝ බිමට පතිත වී ගලායන වැසි ජලය භූගත ජල සංචිතය පෝෂණය කිරීම සඳහා පොළොව තුළට යොමුකළ හැකිය.


* වැසි ජලය රැුස් කිරීමෙන් කාණු සහ ජල පර හැවාහන පද්ධතිවලට


රැස්වන වැසි ජලය අඩුවේ. එහෙයින් එයින් ජල ගැලීම් අවම වේ.


* මහා පරිමාණ ජල සැපයුම් ව්යාෙපෘතිවලට යන වියදම හා සැසැඳීමේදී වැසි ජලය රැස් කිරීමේ පද්ධතියක් සෑදීම සඳහා වැයවන්නේ අඩු මුදලකි.


* වැසි ජලය භාවිතා කිරීමෙන් ජලය සඳහා යන වියදම 30% x 60% අඩුකරගත හැකිය.


වැසි ජල පෙරණ


වහල මතට වැටෙන වැසි ජලයට එක්වන අපද්ර ව්ය (කොළ රොඩු ආදිය* වැසි ජලය රැස්කරන ටැංකිවලට එකතුවීම වළකාලීමට පෙරණ භාවිතා කළ යුතුය. එය කර0%ැම කිහිපයකටම කළ හැකිය.


* දැල් සහිත පෙරණයක් නළයේ කටට හෝ නළයේ කෙළවරට සවි කිරීම.


* වැසි ජලය ටැංකිය පතුලේ තැන්පත් වන අවසාදිත ද්රමව්ය (මණ්ඩි* ඉවත් කිරීමට ටැංකිය පතුලේ කරාමයක් සවිකිරීම, වැසි ජලය හොඳින් පෙරී ටැංකියට වෑස්සෙන ආකාරයට ගල් හා වැලි යොදාගෙන පෙරහන් පද්ධතියක් යෙදිය හැකිය.


වැසි ජලය රැස්කරන ටැංකි වර්ග


වැසි ජලය රැස්කිරීම සඳහා පරෙ ිධාන වශයෙන් භාවිතා කෙරෙන ටැංකි වර්ග තුනකි.


* පොළොව මත සාදන වැසි ජල ටැංකිය.ඔබ දන්නවාද?


* අපේ රටට වර්ෂාවෙන් ලැබෙන ජලයෙන් භාවිතයට ගැනෙන්නේ 60%ක පමණ පරරෙනමාණයකි. වැසි ජලයෙන් 40%ක් පමණ මුහුදට ගලා යයි. නාගරික පරා දේශවල වැසි ජලය වැඩි වශයෙන් මුහුදට එක්වන බව වාර්තාවේ. එයට පරයය ධාන හේතුව නාගරික පර රදදේශවල ගොඩනැගිලි, තාර පාරවල් හා පදික වේදිකා ආදියෙන් පොළොව ආවරණය වී ඇති හෙයින් වැසි ජලය පොළොව තුළට උරා නොගැනීමය.


* නාගරික පර ආදදේශවල මසකට අවශ්යන ජල පරළොවමාණයෙන් 30% ක් පමණ වැසි ජලයෙන් සපුරාගත හැකිය.

* සාමාන්යරයෙන් වසරකදී කොළඹ වර්ග මීටර් 1000ක වහලකට වැටෙන වර්ෂා ජලය ආසන්න වශයෙන් ලීටර් මිලියන දෙකක් පමණ වේ.

වහල හා වැහි පිහිලි නඩත්තු කිරීම


නිවසේ වහල මත කොල රොඩු, දුවිලි, සත්ත්ව මලද්ර0ව්යල ආදී අපද්ර ව්යො තැන්පත්වේ. එම අපද්ර ව්යී වැසි ජලය සමඟ වැසි ජල ටැංකියට එකතු විය හැකි බැවින් වහළ පිරිසුදුව තබා ගත යුතුය. ඒ සඳහා,


* නිවසේ වහල, වැසි පීලි ආදිය මාස තුනකට වරක් පිරිසුදු කරන්න.


* විශේෂයෙන් වැසි සමය උදාවීමට පෙර වහළ හා වැසිපිීලි හොඳින් පිරිසිදු කරන්න.


* වහලය මතට කොළ, අතු වැටෙන ගස්වැල් ආදිය කප්පාදු කර වහලයේ වැසි ජලය එකතු වන පරහා දේශය පිිරිසුදුව තබාගන්න.


* පළමු වැස්ස වැසි ජල ටැංකිය තුළට ඇතුළු වීමට ඉඩ නොදී ටැංකියෙන් පිටතට ගලායාමට සලස්වන්න. (එවිට වහල, පීලි හොඳින් සේදී පිරිසුදු තත්ත්වයට පත්වේ*


වැසි ජල ටැංකිය නඩත්තු කිරීම


* වැසි ජලය වැසි ජල ටැංකිය තුළට පෙරී යෑම සඳහා පෙරණයක් යොදන්න.


* එම පෙරණ මාස තුනකට වරක් පිරිසුදු කරන්න.


* වැලි, ගල් ආදිය යොදා සකස් කළ පෙරණයක් නම් මාස තුනකට වරක් එම ද්රේව්ය මාරු කරන්න.


* වර්ෂා කාලයට පෙර වැසි ජල ටැංකියට ජලය ඇතුළු වන විවරය හොඳින් පිරිසුදු කරන්න.


* මදුරුවන්, කෘමීන්, කුරුල්ලන් ආදී සතුන්ට ඇතුළු විය නොහැකි පරිදි වැසි ජල ටැංකියේ විවර සියුම් දැල් යොදා වසා තබන්න.


* ටැංකියේ පියන හොඳින් වසා තබන්න.


* ටැංකිය තුළට හිරු එළිය වැටීම අවම කරන්න. එවිට ටැංකිය තුළ පාසි දිය සෙවල ආදිය නොබැඳේ.


* වසරකට වරක් ටැංකිය පතුලේ ඇති ජලය ඉවත් කරන නළය විවෘත කර ජලය ඉවතට ගලා යාමට සලස්වන්න. එවිට ටැංකියේ පතුල පිරිසුදු වේ.


* ටැංකිය ඇතුළත තීන්ත ආලේප කිරිමේදි විෂ රහිත තීන්ත වර්ග යොදාගන්න.


* ටැංකිය හිස්ව පවතින විට ටැංකියේ පිපිරීම් ඇති විය හැකිය. එබැවින් ටැංකිය හිස්ව නොතබන්න. ටැංකියේ බිත්ති පුපුරා ඇත්නම් පිළිසකර කරන්න.


ටැංකියෙන් ජලය ලබා ගැනීමේදී


* වැසි ජල ටැංකිය තුළට බාල්දි හෝ බඳුන් නොදමන්න.


* කරාමයකින් පමණක් ජලය ලබාගන්න.






* පොළොව යට සාදන වැසි ජල ටැංකිය.


* අර්ධ භූගත වැසි ජල ටැංකිය.


පොළොව යට සාදන වැසි ජල ටැංකිය ගඩොල් හා සිමෙන්ති බදාම යොදා තැනිය හැකිය. පොළොව මත සාදන ටැංකි තැනීමේදී වානේ පට්ටම් සැකිල්ලක් තනා ඒ වටා දැල් තට්ටු (කුකුල් දැල් යනුවෙන් ව්යදවහාර වන දැල්* දෙකක් අතුරයි. අනතුරුව සිමෙන්ති කපරාරුවක් යොදයි. එය හොඳින් සවි වූ පසු වානේ සැකිල්ල ඉවත් කෙරේ. අර්ධ භූගත වැසි ජල ටැංකි ගඩොල් සහ ෆෙරො සිමෙන්ති යොදා ඉදිකළ හැකිය. මෙම පරේා ධාන වැසි ජල ටැංකිවලට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා සහ භූගත ජල සංචිතය පෝෂණය කිරීම සඳහා යොදාගත හැකි ටැංකි වර්ග කිහිපයක්ද පවතී. එනම්,


* කෘෂිකාර්මික කටයුතු සඳහා වැසි ජලය රැුස් කරන සිලින්ඩරාකාර වැසි ජල ටැංකිය (මෙම ටැංකියේ පතුලට කොන්කරීටයුට් යොදයි.*


* කෘෂිකාර්මික කටයුතු සඳහා සහ භූගත ජල සංචිතය පෝෂණය කිරීම සඳහා යොදා ගන්නා සිලින්ඩරාකාර වැසි ජලය ටැංකිය (පතුලට කොන්කීරභූගට් නොදැමූ ජල පෙරණය සහිත ටැංකියකි*


* කෘෂිකාර්මික කටයුතු සඳහා සහ භූගත ජල සංචිතය පෝෂණය කිරීම සඳහා යොදා ගන්නා ජල පොකුණු (මෙම ජල පොකුණු ජන වහරේ ”පතහ” යනුවෙන් හඳුන්වයි*


වැසි ජලය පානය කිරීමේදී


* වැසි ජලය හොඳින් උණුකර පානය කරන්න.


* ක්ලෝරීන් දමා වැසි ජලය පිරිසුදු කිරීමේදී නිසි පරය කමාණයකට ක්ලෝරීන් එකතු කළ යුතුය.


(උදා: ජලය ඝනමීටරයකට ක්ලොරීන් ගරෑී ම් හතක් යෙදිය යුතුය.*


* වැසි ජලයේ ෆ්ලොරයිඞ් අඩංගු නැත. එහෙයින් දත්වල ආරක්ෂා ව සඳහා වෙනත් ආකාරයකින් ෆ්ලෝරයිඞ් ලබාගත යුතුය.


ලංකා වැසි ජලය රැුස් කරන්නන්ගේ සංසදය.


මෙය වැසි ජලය රැුස් කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසක් එක්ව පිහිටුවා ගත් රාජ්යෂ නොවන සංවිධානයකි. මෙම සංසදය ආරම්භ කරන ලද්දේ 1996 වසරේදීය. ලංකා වැසි ජලය රැුස් කරන්නන්ගේ සංසදයෙන් මේ වනවිට දිවයිනේ විවිධ පර එකදේශවල වැසි ජලය රැුස් කිරිමේ පද්ධති 14,000ක් පමණ පිහිටුවා තිබේ. එසේම පාසල් 30කට පමණද වැසි ජල ටැංකි හඳුන්වා දී ඇත. වැසි ජලය රැුස් කිරීමට උනන්දුවක් දක්වන්නේ නම් ලංකා වැසි ජලය රැුස් කරන්නන්ගේ සංසදයෙන් ඒ සඳහා අවශ්යජ උපදෙස් ලබාගත හැකිය. එය පිහිටා ඇත්තේ නුගේගොඩ, සුභද්රා්රාම මාවතේ අංක 28/3 ඒ දරන ස්ථානයේය. එහි දුරකථන අංක මෙසේය.


0112820851, 0115524612


Comments

Popular posts from this blog

vacation- නිවාඩු කාලය සැලසුම් කිරීම..........

Stamp- මුද්දර එකතුකිරිම