vacation- නිවාඩු කාලය සැලසුම් කිරීම..........

නිවාඩු කාලය සැලසුම් කිරීම..........

නිවාඩු කාලය අර්ථවත් හා ඵලාදායි අයුරින් ගත කිරීමට නම් නිසි සැලසුමක් තිබිය යුතුය. නිවාඩු කාලය ගත කරන ආකාරය සැලසුම් කිරීමේදී මාපියන් සමඟද ඒ සම්බන්ධව සාකච්ඡුා කිරීම අවශ්යගය. විනෝදගමන් නෑදෑ හිතමිතුරන් බැලීමට යෑම ආදිය සඳහා මාපියන්ගේ සහාය අවශ්යා වන හෙයිනි. නිවාඩු කාලය ගතකරන ආකාරය පිළිබඳව කාල සටහනක් සකසා ගැනීමට හැකිනම් ඉතා අගනේය. දිනපතා කළයුතු දෑ සැලසුමකට අනුව සිදුකිරීමට එය පහසුවකි.

දවසේ වැඩ කටයුතු...............

පාසල් වාරයේදී සතියේ දින පහක් දහවල් කාලයේ ළමයිින් රැුඳෙන්නේ පාසල තුළය. එහෙයින් උදයේ කාලයේදී නිවසේදී සිදුකෙරෙන වැඩ කටයුතුවලට දායක වීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබේ. එහෙත් නිවාඩු සමය තුළදි නම් උදය කාලයේදී ගෙදරදොර කෙරෙන වැඩ කටයුතුවලට දායකවීමට අවස්ථාවක් ලැබේ. නිවාඩු කාලයේදී ඇතැම් දරුවෝ දවසෙන් වැඩි වේලාවක් සෙල්ලම් කරති. එවිට අනෙකුත් වැඩකටයුතු අතපසු වේ. එබැවින් සෙල්ලම් කිරීමට නිශ්චිත කාලසීමාවක් වෙන්කර ගැනීම වැදගත්ය. සවස් කාලයේදී ආගමික කටයුතුවල යෙදීමට කාලය වෙන්කර ගන්න. ආගමික කටයුතුවල යෙදීමෙන් මානසික ඒකගරලයේතාවක් ඇතිවේ. එය නව පාසල් වාරයට සාර්ථකව මුහුණදීමට මනා පිටුවහලකි.


සුපුරුදු වේලාවට අවදි වෙන්න..................

ඇතැම් දරුවෝ පාසල් නිවාඩු කාලයේදී දහවල් වනතෙක් නිදා ගනිති. එසේ දහවල් වනතෙක් නිදාගැනීමට හුරු වුවහොත් පාසල් වාරය ආරම්භ වූ විට උදෑසනින් අවදිවීමට අපහසුවේ. ඒ නිසා නිවාඩු කාලයේදී වුවද පාසල් යන දිනවල මෙන් උදෑසන අවදිවීම ඉතා වැදගත්ය.

අත්දැකීම් ඇසුරින් ඉගෙනීම...............................

පාසල් යන දරුවන්ට මාස තුනකට වරක් මාසයක් පමණ නිවාඩු කාලයක් දෙන්නේ ඔවුන්ගේ කායික මානසික විවේකය සඳහාය. එබැවින් නිවාඩු කාලය නිදහස්වත් විවේකිවත් ගත කළ යුතුය. නිවාඩු කාලයේදීද මුළු දවස පුරාම පාඩම් කළයුතු බව ඇතැම්හු පවසති. එහෙත් එයින් ළමයින් තුළ ඒකාකාරි බවක් ඇතිවේ.පාසල් වාරයේදී පන්ති කාමරය තුළ පොත පතින් අධ්යා්පනය ලබන දරුවන්ට නිවාඩු කාලයේදී තමන් අසන දකින දේ ඇසුරු කරගෙන බොහෝ දෑ ඉගෙනීමට පුළුවන. අත්දැකීම් ඇසුරින් ලබන දැනුම ඉතා පුළුල්ය. දරුවෙකුට ජීවිතය සාර්ථකව ගොඩනගා ගැනීමට පොතපතින් ලබන දැනුමත් අත්දැකීම් ඇසුරින් ලබන දැනුමත් එකසේ වැදගත් වේ. පාසල් වාරයේදී පොතපතින් ලබන දැනුම ඒකරාශී කරගත හැකි වන්නාසේම නිවාඩු කාලයේදී සාරවත් අත්දැකීම් සම්භාරයක් ඒකරාශිකරගත හැකිය.
උදාහරණයක් වශයෙන් නිවාඩු කාලය තුළදි ඔබ මාපියන් සමග වෙළෙඳ සංකීර්ණයකට ගියා යැයි සිතමු.එහිදී ඔබට භාණ්ඩ ඒවායෙහි මිල ගණන් මුදල් ගනුදෙනු ආදිය ගැන කෙතරම් දැනුමක් ලැබිය හැකිද?ඒ අයුරින් එදිනෙදා ජීවිතයේදී අත්දැකීම් ඇසුරින් බොහෝ දෑ ඉගෙනීමට තිබේ. ඒ සඳහා නිවාඩු කාලය කදිම අවස්ථාවක් කර ගත හැකිය.

නිවාඩු කාලයට දින පොතක්..............

පාසල් නිවාඩුව ආරම්භ වූ දවසේ සිට නැවත පාසල් වාරය ආරම්භ වන දිනය දක්වා දෛනික සිදුවීම් සඳහන් කිරීමට දින පොතක් භාවිත කිරීම ඉතා පරන දයෝජනවත්ය. එවිට නිවාඩුව අවසානයේදී නිවාඩු කාලය කෙතරම් අර්ථවත්ව ගතකර ඇත්දැයි එම දිනපොත කියවීමෙන් තමන්ටම තක්සේරු කරගත හැකිය. එදිනෙදා තමන් ලද අත්දැකීම් හා විශේෂ සිදුවීම් දිනපොතෙහි සඳහන් කළ යුත්තේ නිර්මාණාත්මක අන්දමිනි. නිර්මාණශීලි අයුරින් තම අදහස් වචනවලට නඟා ලිවීමේදී භාෂාව හැසිරවීමට මනා හුරුවක් ලැබේ. නිවාඩු කාලය තුළදී දිනපොතක් භාවිත කිරීමෙන් එම හුරුව ලබාගත හැකිය. එය අධ්යානපන කටයුතුවලට බෙහෙවින් උපකාරීවේ.

එදිනෙදා තමන් ලද අත්දැකීම් කතන්දරයක් ලෙස ලිවිිය හැකිය. එසේත් නැතිනම් චිතරුව යකට නැගිය හැකිය. කවියට නැගිය හැකිය. ඒ ආදි වශයෙන් නිර්මාණාත්මක අයුරින් දිනපොත සකසා ගැනීමෙන් අවශ්යද නම් එය කෙදිනක හෝ පොතක් වශයෙන් පළ කිරීමට වුවද හැකිය. සෑම පාසල් නිවාඩු කාලයකදීම දිනපොත් භාවිත කිරීමෙන් නිවාඩු කාලය පිළිබඳ රසබර මතක සටහන් එකතුවක් ගොඩ නැගේ. වැඩිහිටියෙකු බවට පත් වූ පසුව වුවද එම දිනපොත් කියවා ඒ මතකය ආවර්ජනය කර සතුටු විය හැකිය.

පොත්පත් කියවන්න..............

පාසල් අධ්යා පන කටයුතුත් සමඟ සාමාන්යියෙන් දරුවන්ට විෂය භාහිර පොත්පත් කියවීමට ඇති කාලය අල්පය. එහෙයින් විෂය බාහිර පොත්පත් කියවා දැනුම වැඩිකර ගැනීමට නිවාඩු කාලය උපයෝගි කරගත හැකිය. නිවාඩු කාලය තුළදී අවම වශයෙන් පොත් දහයක් පමණ හෝ කියවීම වැදගත්ය. නිවාඩුව ආරම්භවත්ම එම කාලය තුළ කියවිය යුතු පොත්පත් මොනවාදැයි තීරණය කිරීමට වුවමනාය. නිවාඩු කාලය තුළ දී මම මෙම පොත් කියවමි, යැයි කොළයක සඳහන් කර ඒ යටතේ කියවීමට තීරණය කළ පොත්වල නම් ලියන්න. අනතුරුව එම කොළය පොත් මේසය ළඟ අලවන්න. එවිට ස්ථිර අධීෂ්ඨානයකින් යුක්තව එම පොත් කියවා නිම කිරීමට සිත පෙළඹේ.

නිර්මාණශීලිත්වය ඉස්මතු කරගන්න

පාසල් අධ්යාතපන කටයුතු නිසා යටපත් වූ ඔබගේ නිර්මාණශීලි හැකියා ඉස්මතු කර ගැනීමටද නිවාඩු කාලය කදිම අවස්ථාවකි. කවි, රචනා, කෙටිකතා, චිතර කග ආදි නිිර්මාණවල යෙදීමෙන් ඒ අවස්ථාවෙන් පරදිමයෝජනගත හැකිය. නිවාඩු කාලය තුළ එවැනි නිර්මාණ කිරීමෙන් නිවාඩුව අවසන් වනවිට ඒවායෙහි එකතුවක් ඔබ සතුවේ. පාසල් ආරම්භ වූ විට ඒවා ගුරුතුමියට හා යහළු යෙහෙළියන්ට පෙන්වීමෙන් ඔබගේ කුසලතා ඇගැයීමට පත්වන්නා සේම ඉන් ඔබට ආත්ම තෘප්තියක්ද ලැබේ. එසේම නිවාඩු කාලය තුළදී අලූත් යමක් නිර්මාණය කිරීමටද යොමුවිය හැකිය. තව නොබෝ දිනකින් උදාවන නත්තල හා නව වසර වෙනුවෙන් නෑදෑ හිත මිතුරන්ට යැවීමට සුබ පැතුම් පතක් ඔබටම නිර්මාණය කළ හැකිනම් එයද ඉතා වටී.


ගෙදරදොර වැඩ කටයුතු

නිවාඩු කාලයේදී ගෙදර දොර වැඩ කටයුතුවලට දායකවීමද ඉතා වැදගත්ය. ඉවුම් පිහුම් කටයුතුවලට මවට සහයවීම, ගෙදර දොර පිරිසුදු කිරීම, ගෙවත්ත අලංකාර කිරීම ආදි වැඩවලට එම කාලය යොදාගත හැකිය. ඉවුම් පිහුම් කටයුතු පුරුදු විය යුත්තේ දැරියන් පමණක් යැයි ඇතැම්හු සිතති. එහෙත් එය ගැහැනු දරුවන්ට මෙන්ම පිරිමි දරුවන්ටද එක සේ වැදගත් වූවකි. නිවාඩු කාලයේදී මාපියන්ගේ වැඩ කටයුතුවලට සහය වීම නිසා මාපිය දූ දරු සබඳතාව වැඩි වේ. එසේම මාපියන්ගෙන් බොහෝ දේ ඉගෙනීමට එය මහඟු අවස්ථාවකි.


රූපවාහිනිය නැරඹීමේදී.........................................

ඇතැම් ළමයි නිවාඩු කාලය තුළදී දවස පුරාම රූපවාහිනිය නැරඹීමට ඇබ්බැහිවී කාලය නාස්ති කරති. රූපවාහිනිය නැරඹීමට නිශ්චිත කාල සිමාවක් වෙන්කර ගැනීම සුදුසුය. එසේම ළමයින්ට ගැළපෙන වැඩසටහන් පමණක් නැරඹීමද වැදගත්ය. ගුවන් විදුලියෙන් ළමයින් සඳහා නිර්මාණය කෙරුණු ගුණාත්මක බවින් යුත් වැඩසටහන් විකාශනය වේ. එම වැඩසටහන් ශරර් වණය කිරීම තමා තුළ ඇති රසාස්වාදය වැඩි දියුණු වීමට උපකාරී වේ.


විනෝදයට ඉඩක් ........................................

මාපියන් සමඟ කතා කර නිවාඩු කාලය තුළදී හැකිනම් විනෝද ගමනක් යෑමට අවස්ථාව උදාකර ගන්න. එසේම ළමා චිතරහැකපටයක්, වේදිකා නාට්ය.යක් නැරඹීමටද කාලය වෙන් කරගන්න. කුරුලූ නිරීක්ෂාණය ආදි විනෝදාංශවල නිරතවීමටද නිවාඩු කාලය ඉතා සුදුසුය.
එවැනි විනෝදාංශවලින් දැනුමත් විනෝදයත් එකසේ ලැබේ. ආච්චි, සීයා හමුවී ඔවුන් සමඟ කතා බහ කර විනෝදවීමටද නිවාඩු කාලය අවස්ථාවක් කරගත හැකියි. ආච්චි, සීයා ඔවුන්ගේ ළමා කාලයේදී ලැබූ අත්දැකීම් අසා දැනගැනීම ඔබට රසබර අත්දැකීමක් වනු ඇත.


පොත්පත් සුදානම් කර ගැනීම................................

මේ එළැඹි ඇත්තේ තුන්වැනි වාරයේ පාසල් නිවාඩුවයි. තුන්වැනි වාරයෙන් පසු පාසල් යන දරුවෝ එක් ශ්රේතණියක සිට තවත් ඉහළ ශ්රේඩණියකට යති. තුන්වැනි වාරය නිමාවත්ම එම නව ශ්රේෝණියට අදාළ පෙළපොත් පාසල් දරුවන්ට ලබාදේ. එම පෙළපොත් වලට පිටකවර දමා ඒවා අලංකාරව සකසා ගත යුත්තේ නිවාඩු කාලයේදීයි. ඇතැම් දරුවන්ට පාසල් පොත් ලැයිස්තුව මිලදී ගැනීමට මතක් වන්නේ පාසල ආරම්භ වන දිනට පෙර දිනයේදීය. ඉන්පසු ඉතා කලබලයෙන් ඒවා මිලදී ගෙන පිටකවර ආදිය දමා සකසා ගැනීමට වෙහෙසෙති. එය තමන්ටද මාපියන්ටද අපහසුවක් ගෙනදේ. එසේම පොත්පත් නිසිලෙස සකසා ගැනීමටද බාධාවකි. නව වාරයේ පොත්පත් සුදානම් කිරීමට යොමු විය යුත්තේ නිවාඩු මාසයේ තුන්වැනි සතියේදීය. එවිට අනවශ්‍ය කලබලකාරී බවකින් තොරව පොත්පත් නිසිලෙස සකසා ගත හැකිය.
තොරතුරු-ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘති ප‍්‍රධානී,
ශී‍්‍ර පාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ
බන්දුල පි දයාරත්න

සටහන- ගයාති‍්‍ර දීනූෂා සමරවීර
චිත‍්‍ර -     සමන් කලුබෝවිල















































Comments

RanDil said…
මේ බ්ලොග් එක අද තමයි පළමු වතාවට දැක්කේ........ සිංඩිකේටර්ස් වලට දාන්නේ නැත්තේ ඇයි?
මේ ලිංක් හරහා ගිහින් එකතු වෙන්න. එතකොට ඔබේ උත්සහය වඩාත් මල්ඵල ගැන්වේවි.

http://syndi.lankeeya.lk/blogform.php

http://blogs.sinhalabloggers.com/
Anonymous said…
Merkur Fis Q4-1634-R15 - Xn - O80b910a26eepc81il5g.online
Merkur 카지노 Fis 메리트 카지노 쿠폰 Q4-1634-R15-R15-R15-R15-R16-R15-R16-R16-R15-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16-R16. งานออนไลน์

Popular posts from this blog

Rain water- වැසි ජලයෙන් වාසි ගනිමු

Stamp- මුද්දර එකතුකිරිම